Season එකක් ඉවර වුනාට පස්සේ ගොඩක් business වල sales slow වෙනවා. මේක සාමාන්‍ය දෙයක්. Festive seasons, offers, celebrations තියෙන කාලවල customers වැඩියෙන් spend කරනවා. ඒ කාලය ඉවර වුනාට පස්සේ ඔවුන්ගේ spending naturally අඩු වෙනවා.
Sales slow වුණා කියලා business එක fail වෙනවා කියලා දෙයක් නෑ. මේක business cycle එකේ සාමාන්‍ය phase එකක්.
Post-season period එක හරියට handle කළොත්, business එක අනාගතයට තවත් ශක්තිමත් කරගන්න පුළුවන්.
Season එකෙන් පස්සේ Sales Slow වෙන්නේ ඇයි?
Season එක ඉවර වුනාට පස්සේ customersලට money pressure එකක් තියෙනවා. ඔවුන් අත්‍යාවශ්‍ය දේවල්ට විතරක් spend කරන්න පටන් ගන්නවා. Offers වලට respond කරන එකත් අඩු වෙනවා.
ඒකට හේතු කිහිපයක් තියෙනවා:
- Season කාලේ customers වැඩියෙන් spend කරනවා
- Savings අඩු වෙනවා
- Buying decisions slow වෙනවා
- Emotional spending අඩු වෙනවා
මේ දේවල් තේරුම් ගන්න එක වැදගත්. Sales slow වෙන එක business mistake එකක් නෙමෙයි. ඒක expected දෙයක්.
Slow Period එක ගැන තියන Mindset එක Change කරන්න
Post-season period එක bad time එකක් නෙමෙයි. ඒක business එකේ වෙනම phase එකක්.
Peak season කාලේ:
- Speed
- Volume
- Execution
Post-season කාලේ:
- Review
- Planning
- Improvement
මේ කාලේ කරන්න පුළුවන් දේවල්:
- ඇත්තටම වැඩ කළේ මොන වගේ strategiesද කියලා බලන්න
- Busy time එකේ නොපෙනුන ගැටලු හඳුනාගන්න
- Systems improve කරන්න
- Next season එකට prepare වෙන්න
Sales ගැන panic වෙනවා වෙනුවට, business foundation එක strong කරගන්න focus කරන්න.
Business Performance එක හොඳට Review කරන්න
Sales slow වෙන කාලේ තමයි business review කරන්න හොඳම කාලය.
ඔයා review කරන්න ඕනේ:
- වැඩිපුරම profit ගෙනාව products/services මොනවද
- Customersල ගොඩක් ගෙනාව marketing channels මොනවද
- Over-discounting නිසා profit අඩු වුණාද
- Delivery, services වල delays තිබ්බද
- Repeat customersලා කවුද
Total sales විතරක් බලන්න එපා.
Profit, customer satisfaction, operations smoothness කියන මේ හැමදේම බලන්න.
Cash Flow එක වඩාත් සැලකිලිමත්ව Manage කරන්න
Sales slow වුනාම business එකේ money flow අඩු වෙනවා. ඒක stress එකක් වෙන්න පුළුවන්.
Solution එක කලබල වෙන එක නෙමෙයි. Careful management එක.
ඔයාට කරන්න පුළුවන්:
- අත්‍යාවශ්‍ය වියදම් විතරක් prioritize කරන්න
- Non-urgent expensesවලට පොඩි විරාමයක් දෙන්න
- Waste කරන එක අඩු කරන්න
- Extra stock ගන්න එක avoid කරන්න
- Weekly cash flow track කරන්න
Goal එක business එක survive කරගන්න එක, shrink කරගන්න එක නෙමෙයි.
Over-Discounting avoid කරන්න
Sales slow වුනාම බොහෝ businesses heavy discounts දානවා. මේක dangerous.
Discounts වලින්:
- Profit අඩු වෙනවා
- Customersලා discount බලාපොරොත්තු වෙන habits develop වෙනවා
- Brand value එක damage වෙනවා
Discount දානවා වෙනුවට:
- Small bundles offer කරන්න
- Loyal customers ට special values packages දෙන්න
- Price වෙනුවට quality emphasize කරන්න
Discounts use කරන්න නම්, plan එකක් සහ time limit එකක් තියෙන්න ඕනේ.
Customer එක්ක තියන Relationship එක Strong කරගන්න
Slow period එකේ sales pressure අඩුයි. ඒක customersලා එක්ක relationship build කරගන්න හොඳ අවස්ථාවක්.
ඔයාට පුලුවන්:
- Existing customersලව follow up කරන්න
- Helpful information customersලා එක්ක share කරන්න
- Customer service improve කරන්න
- Customer feedbacks අරගන්න
Slow time එකේ customer ගැන care කරන businesses, peak season එකේ customers lose වෙන්නේ නෑ.
Systems සහ Processes Improve කරන්න
Busy season කාලේ පේන්නෙ නැති ගැටලු slow time එකේ clear වෙලා පේනවා.
මේ කාලේ:
- Stock management improve කරන්න
- Delivery/service steps simplify කරන්න
- Staff එක හොඳට train කරන්න
මේ improvements next season එකේ ඔයාගෙ business එකට ලොකු වෙනසක් එකතු කරනවා.
Marketingවලට Spend කරන එක වැඩි කරන්න එපා – Strategies Improve කරන්න
Sales slow වුනාම marketing spend වැඩි කරන එක solution එකක් නෙමෙයි.
ඒ වෙනුවට:
- Message clarity improve කරන්න
- Content පුලුවන් තරම් simple/clear කරන්න
- Customer needs හොඳට තේරුම් ගන්න
- Trust build කරන content focus කරන්න
Slow period marketing එක pressure නොවී, education සහ credibility build කිරීමක් වෙන්න ඕනේ.
Next Season එකට දැන්ම Prepare වෙන්න
Post-season period එකේ ලොකුම advantage එක තමයි planning කියන්නේ.
ඔයාට පුලුවන්:
- Products/services කල්තියා plan කරන්න
- Marketing campaigns දැන්ම prepare කරන්න
- Achievable targets set කරන්න
Early planning කරන එකෙන් businesses next season එකේ panic වෙන්නන් දෙයක් නෑ.
Business Owner විදිහට Mindset එක හදාගන්න
Sales slow වුනාම confidence එක down වෙන්න පුළුවන්. මේක හරිම normal දෙයක්.
අමතක කරන්න එපා:
- Slow periods තාවකාලිකයි
- Slow periods කියන්නේ business cycle එකේ part එකක්
- මේක personal failure එකක් නෙමෙයි
මේ කාලේ:
- Business ගැන ඉගෙන ගන්න
- Business එකේ හැමදේම plan කරන්න
- Mentally calm වෙන්න
Calm mind එකක් තියෙන owner කෙනෙක් හැමවෙලේම හොඳ තීරණ ගන්නවා.
Post-season sales slow වෙන එක normal. ඒක business weakness එකක් නෙමෙයි.
හරියට handle කළොත්:
- Business foundation එක ශක්තිමත් වෙනවා
- ඊළඟ season එකට හොඳට prepare වෙන්න පුළුවන්
- Long-term වර්ධනය sustainable වෙනවා
Sales නැවත increase වෙනවා.
වැදගත් වෙන්නේ ඒ වෙලාවට business එක ready ද කියන එකයි.



