WhatsApp Business for small business

Sales ගොඩදාගන්න WhatsApp Business Account එකක් හරියට Use කරන්න!

WhatsApp Business | ලංකාවේ අද වෙනකොට Facebook, Instagram හෝ TikTok හරහා Online Business කරන ඕනෑම කෙනෙක් පාවිච්චි කරන ප්‍රධානම ඇප් එකක් තමයි WhatsApp කියන්නේ. කස්ටමර් කෙනෙක් පේජ් එක දැකලා බඩු මිලදී ගන්න එන්නේ WhatsApp එකටයි. හැබැයි බිස්නස් එක ටිකෙන් ටික දියුණු වෙලා දවසට මැසේජ් 50ක් 100ක් විතර එන්න ගත්තාම ගොඩක් කුඩා ව්‍යාපාරිකයින්ට (Small Business Owners) වෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඕඩර්ස් පැටලෙන එක.

“කාටද බඩු යැව්වේ? කාගෙන්ද සල්ලි හම්බවුණේ? කාටද රිප්ලයි කරන්න ඉතිරි වෙලා තියෙන්නේ?” වගේ දේවල් හොයාගන්න බැරුව මුළු දවසම අවුල් ජාලාවක් වෙන අවස්ථා ඕනෑතරම් තියෙනවා.

Read more about this on Vyapara.lk 👇🏼

ඔයා තවමත් බිස්නස් එකට පාවිච්චි කරන්නේ ඔයාගේ සාමාන්‍ය Normal WhatsApp එක නම්, ඔයා ලොකු වැරැද්දක් කරන්නේ. 2026 වර්තමාන ඩිජිටල් මාකට් එක ඇතුළේ සාර්ථක වෙන්න නම්, ඔයා අනිවාර්යයෙන්ම WhatsApp Business for small business මෙවලම් (Tools) නිවැරදිව පාවිච්චි කරන්න දැනගන්න ඕනේ.

කිසිම මුදලක් වියදම් කරන්නේ නැතුව, ඉතාමත් සරලව ඔයාගේ Orders, Customers සහ Follow-ups ටික එක මැසේජ් එකක්වත් මඟහැරෙන්නේ නැතුව සුපිරියටම හසුරුවා ගන්නේ කොහොමද කියලා අපි අද පියවරෙන් පියවර විමසා බලමු.

01. Professional Profile එකක් සහ Product Catalog එකක් සෙට් කරගන්න

කස්ටමර් කෙනෙක් ඔයාගේ WhatsApp එකට මැසේජ් එකක් දාපු සැනින් ඔවුන්ට ඔයාගේ බිස්නස් එක ගැන ලොකු විශ්වාසයක් (Trust) ඇති වෙන්න ඕනේ. ඒ නිසා මුලින්ම ඔයාගේ WhatsApp Business profile එකේ බිස්නස් එකේ නම, ලස්සන High-quality Logo එකක්, බිස්නස් එක කරන වෙලාවන් (Business Hours) සහ වෙබ්සයිට් හෝ ෆේස්බුක් පේජ් ලින්ක් එක නිවැරදිව ඇතුළත් කරන්න.

ඊටත් වඩා වැදගත්ම දේ තමයි “Product Catalog” එක සකස් කරන එක. ඔයා ගාව තියෙන නිෂ්පාදනවල පින්තූර, විස්තර සහ මිල ගණන් (Price) මේ කැටලොග් එකට ඇතුළත් කරලා තියන්න පුළුවන්. එතකොට කස්ටමර්ස්ලාට ඔයාගෙන් හැමතිස්සෙම “මේකේ ප්‍රයිස් එක කීයද, තව පින්තූර එවන්නකෝ” කියලා අහ අහා ඉන්න ඕනේ නැහැ. ඔවුන්ට කැටලොග් එක බලලා ඉතාමත් ලේසියෙන් ඕඩර් එක සිලෙක්ට් කරන්න පුළුවන්.

02. Labels පාවිච්චි කරලා Orders සහ Customers වෙන් කරගන්න

WhatsApp Business for small business ඇප් එකේ තියෙන වටිනාම සහ සුපිරිම Feature එකක් තමයි “Labels” කියන්නේ. මේක හරියට පාවිච්චි කළොත් ඔයාගේ කිසිම ඕඩර් එකක් කවදාවත් පැටලෙන්නේ නැහැ. ඔයාට පුළුවන් විවිධ වර්ණවලින් (Colors) ලේබල් හදලා මැසේජ් වෙන් කරලා තියාගන්න.

  • 🔵 New Customer (අලුතින්ම මැසේජ් කරපු අය)
  • 🟡 Pending Payment (බඩු ගන්න කැමති වෙලා තවම සල්ලි ඩිපොසිට් කරපු නැති අය)
  • 🟢 Paid / Ready to Ship (සල්ලි ගෙවලා පාර්සල් එක යවන්න ලෑස්ති අය)
  • 🟠 Shipped / Courier (කුරියර් එකට බාර දීපු ඕඩර්ස්)
  • 🔴 Follow-up Needed (පස්සේ කතා කරන්නම් කියපු අය)

කස්ටමර් කෙනෙක් මැසේජ් එකක් එවපු ගමන් අදාළ ලේබල් එක දැම්මාම, දවසේ අවසානයට ඔයාට ලේසියෙන්ම බලාගන්න පුළුවන් අද දවසේ කාටද බඩු යවන්න ඕනේ සහ කාගෙන්ද සල්ලි ලැබෙන්න තියෙන්නේ කියලා.

03. Quick Replies පාවිච්චි කරලා තත්පර ගණනින් රිප්ලයි කරන්න

ඔන්ලයින් බිස්නස් එකක් කරද්දී කස්ටමර්ස්ලා හැමෝම එකම වගේ ප්‍රශ්න තමයි නිතරම අහන්නේ. “Bank details එවන්න”, “Delivery ගාස්තුව කීයද?”, “විස්තර එවන්න” වගේ දේවල්. මේ හැමවෙලාවෙම එකම දේ ටයිප් කර කර ඉන්න ගියොත් ඔයාගේ වටිනා කාලය ගොඩක් අපතේ යනවා.

මේකට විසඳුම තමයි “Quick Replies” පාවිච්චි කරන එක. ඔයාට පුළුවන් ඔයාගේ බැංකු ගිණුම් විස්තර, ඩිලිවරි පොලිසි සහ ස්තූති කථා (Thank you messages) කලින්ම සේව් කරලා තියාගන්න. කස්ටමර් කෙනෙක් විස්තර ඇහුවම චැට් එකේ “/” (Slash) සලකුණ ටයිප් කරපු සැනින් ඔයා සේව් කරපු ඔක්කොම මැසේජ් ලිස්ට් එකක් විදිහට එනවා. එතනින් අදාළ මැසේජ් එක තෝරලා තත්පරයකින් කස්ටමර්ට යවන්න පුළුවන්. කාලය ඉතිරි කරගන්න WhatsApp Business for small business හරහා කරන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි මේ.

04. Greeting Content සහ Away Messages ඇක්ටිව් කරන්න

කස්ටමර් කෙනෙක් රෑ 11ට හෝ 12ට ඔයාගේ පේජ් එක දැකලා WhatsApp මැසේජ් එකක් දැම්මොත්, ඒ වෙලාවට ඔයා නිදි වෙන්න පුළුවන්. හැබැයි කස්ටමර්ට රිප්ලයි එකක් නැති වුණොත් ඔවුන් හිතන්නේ මේක ඇක්ටිව් නැති පේජ් එකක් කියලා.

මෙන්න මේ වගේ වෙලාවට “Greeting Message” සහ “Away Message” උදව් වෙනවා. කස්ටමර් කෙනෙක් මුලින්ම මැසේජ් එකක් දාපු ගමන් “Welcome to our store! ඔයාට අවශ්‍ය නිෂ්පාදනය මොකක්ද?” වැනි මැසේජ් එකක් ස්වයංක්‍රීයවම (Automatically) ඔවුන් වෙත යනවා. ඔයා බිස්නස් එකේ නැති වෙලාවක (Off-hours) මැසේජ් එකක් ආවොත්, “අපි දැනට සම්බන්ධ වෙන්න බැරි තැනක ඉන්නේ, බිස්නස් වෙලාව ආරම්භ වූ සැනින් ඔයාට රිප්ලයි කරන්නම්” කියලා Away Message එකක් යන විදිහට සෙට් කරන්න පුළුවන්. මේකෙන් ඔයාගේ වෘත්තීය මට්ටම (Professionalism) මැනවින් පෙන්නුම් කරනවා.

05. Broadcast Lists හරහා නිවැරදිව Follow-ups කරන්න

ගොඩක් අය කරන ලොකු වැරැද්දක් තමයි පරණ කස්ටමර්ස්ලා ගැන අමතක කරන එක. අලුත් කස්ටමර් කෙනෙක් අල්ලගන්නවාට වඩා පරණ කස්ටමර් කෙනෙක්ට නැවත භාණ්ඩයක් විකුණන එක (Retention) ඉතාමත් ලේසියි.

ඔයා ගාව අලුත් නිෂ්පාදනයක් ආවාම හෝ විශේෂ වට්ටමක් (Discount Offer) තියෙන වෙලාවට, “Broadcast Lists” පාවිච්චි කරලා හැමෝටම එකවර මැසේජ් එකක් යවන්න පුළුවන්. හැබැයි මතක තබාගන්න, Group එකක් වගේ නෙවෙයි Broadcast එකකින් මැසේජ් එකක් යැව්වාම කස්ටමර්ට ඒක ලැබෙන්නේ පෞද්ගලික මැසේජ් එකක් (Inbox Message) විදිහටයි. හැබැයි මේ ක්‍රමය පාවිච්චි කරලා නිතරම මැසේජ් දාලා කස්ටමර්ස්ලාට වදයක් (Spam) වෙන්නත් එපා. මාසෙකට සැරයක් හෝ විශේෂ උත්සව කාලවලදී (Festival Seasons) විතරක් මේ වගේ සුපිරි follow-up එකක් කරන්න.

2026 අවුරුද්දේ Online Business එකක් කරනවා නම් ස්මාර්ට් විදිහට වැඩ කරන එක අනිවාර්යයි. නිකන්ම මැසේජ් ලට රිප්ලයි කර කර ඉන්නේ නැතුව, WhatsApp Business for small business උපක්‍රම සහ මෙවලම් ටික හරියට පාවිච්චි කළොත් ඔයාගේ ඕඩර්ස් මැනේජ්මන්ට් එක 100%ක්ම පහසු කරගන්න පුළුවන්. Lables, Catologue සහ ක්වික් රිප්ලයිස් හරහා කාලය ඉතිරි කරගෙන, ඒ ඉතිරි කරගන්නා කාලය ඔයාගේ Bussiness එකේ Marketing වැඩවලට යොදවන්න.

අදම ඔයාගේ සාමාන්‍ය WhatsApp Business එක App එකකට අප්ග්‍රේඩ් කරගෙන, මේ හැමදේම පිළිවෙලකට සකස් කරගන්න වැඩේ පටන් ගන්න!

ලංකාවේ ව්‍යවසායකයින් වෙනුවෙන් Business එක 5x Grow කරන මේ වගේම වටිනා Sales, WhatsApp Marketing, සහ නවතම ස්මාර්ට් බිස්නස් ටිප්ස් රැසක් දැනගන්න දිගටම Vyapara.lk සමඟින් රැඳී සිටින්න!

Facebook
WhatsApp
Twitter
LinkedIn
Pinterest