why book keeping is important for a business

ව්‍යාපාරවල ගිණුම් තබාගත යුත්තේ ඇයි ?

ගිණුම් තබාගත යුත්තේ ඇයි ?

ඕනෑම ව්‍යාපාරයක් තුල නිතිපතා සිදුවන විවිධ ගණුදෙනු සියල්ලම පිළිවෙලකට සටහන් කර ගැනීම ව්‍යාපාරික ගිණුම් තැබීම ලෙස කෙටියෙන් හදුන්වාදීමට පුළුවන. එසේ ගණුදෙනු සටහන් කර ගැනීමට උපකාර වන පරිදි සකස් කර ඇතිගිණුම් ලේඛන කට්ටලයක්ද තිබේ. ක්‍රමවත් ලෙස ගිණුම් තබා ගැනීම ව්‍යාපාරයේ අයිති කරුටම කළ හැකි දෙයකි. එසේ නැතිනම් සුදුසුකම් ඇති ගිණුම් ලිපිකරුවකු ගේ සේවය ඒ සදහා ලබා ගැනීමට පුළුවන.

ව්‍යාපාරයක ගිණුම් තබා ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන

ව්‍යාපාරයේ ලාභදායිතාවය ගැන ව්‍යාපාරිකයාට / කළමනාකාරිත්වයට පූර්ව අවබෝධයක් ලබා ගැනීමට පුළුවන.
ව්‍යාපාරයේ දුර්වලතා හදුනා ගෙන ඉක්මන් ප්‍රතිකර්ම යෙදීමට පුළුවන.
බැංකුවකින් ණය මුදලක් ඉල්ලා සිටින අවස්ථාවකදී ව්‍යාපාරයේ ලාභදයිතාවය පිළිබද පැහැදිලි වාර්තාවක් ඉදිරිපත් කිරීමට පුළුවන.
ආදායම් බදු ගෙවීම ආදී නීතිමය වගකීම ඉටු කිරීමට ව්‍යාපාරික ගිණුම් උපකාරී කර ගැනීමට පුළුවන.

ව්‍යාපාර ගණුදෙනු ක්‍රමවත් ලෙස වාර්තා කිරීම.

ව්‍යාපාරයක ගිණුම් තබා ගැනීමේදී මුලින්ම වැදගත් වන්නේ ව්‍යාපාරය තුල නිරන්තරව සිදුවන සියළුම ගණුදෙනු ක්‍රමවත් ලෙස වාර්තා ගත කිරීමයි.

ගණුදෙනු වාර්තා කිරීම යන්නෙන් අදහස් වන්නේ සුළු ග මාධ්‍ය පරිමාණ ව්‍යාපාරයක සිදුවන්නාවූ සියළුම ආකාරයේ ගණුදෙනු කිසියම් පිළිවෙලකට සටහන් කර පවත්වාගෙන යාමයි.එසේම ව්‍යාපාරික කටයුතුවලට අදාල වෙනත් විස්තර ද වාර්තා කර පවත්වා ගෙන යාමයි. එසේම ව්‍යාපාරික කටයුතුවලට අදාල වෙනත් විස්තර ද වාර්තා කර තබා ගැනීම ප්‍රයෝජනවත් වේ. මෙහිදී සිදුවන්නේ එදිනෙදා සිදුවන ව්‍යාපාර කටයුතු වලට අදාළ සිද්ධීන් හා ගණුදෙනු පිළිබදව විස්තර ලියා තබාගැනීමයි.

මෙලෙස කිසියම් පිළිවෙලකට සවිස්තරාත්මකව තබා ගන්නා ගණුදෙනු වාර්තා පදනම් කරගෙන සකස් කරන යම් යම් විශ්ලේෂනාත්මක තොරතුරු , ප්‍රකාශන හා වාර්තා ,මූල්‍ය ප්‍රකාශන හෙවත් මූල්‍ය වාර්තා ලෙස හැදින්වේ.

මූල්‍ය වාර්තාවලට උවමන වන සියළුම ගණුදෙනු හා සිද්ධීන්වලට අදාළ විස්තර ඇතුලත් සටහන් ලියා තැබීම ව්‍යාපාරිකයාගේ වගකීමකි.

සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙකුට තම ව්‍යාපාරයට අදාළ වන්නා වූ සියළුම ගණුදෙනු හා සිද්ධීන් විස්තරාත්මකව ලියා තබා ගැනීමෙන් හා ඒවා පදනම් කර ගෙන ව්‍යාපාරයේ මුල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ගැනීමෙන් ඉමහත් ප්‍රතිලාභ ලබා ගැනීමට පුළුවන.

ව්‍යාපාරවල ක්‍රියාකාරිත්වය සදහා විවිධ සම්පත් අවශ්‍ය වේ. මෙම සම්පත් ව්‍යාපාරය හිමි ව්‍යාපාරිකයාගෙන් / ව්‍යාපාරිකයින්ගෙන් හෝ වෙනත් බාහිර පාර්ශවයන්ගෙන් සපයාගැනීමට පුළුවන. එම සම්පත් උපයෝගී කරගෙන ව්‍යාපාරයක් මෙහෙයුම් කටයුතු සිදු කරයි. එමෙන්ම ව්‍යාපාරයට නොයෙකුත් සිදුවීම්වලට මුහුණ දීමටත් සිදු වේ.

ව්‍යාපාරයක මෙහෙයුම් කටයුතු පොදුවේ ගණුදෙනු ලෙස හදුනා ගනු බලයි. මෙම මෙහෙයුම් කටයුතු යනු ව්‍යාපාරය සහ විවිධ පාර්ශවයන් අතර සිදුවන සම්පත් හුවමාරු කිරීම්වලට අදාල සිදුවීම්ය. ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් ලබා ගන්නා ආකාරය හා එම සම්පත් භාවිත කර මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ ක්‍රියාවලිය තුලින් ගිණුම්කරණයේදී ඉතා වැදගත් වන මුලික සිද්ධාන්ත දෙකක් හදුනා ගෙන ඇත.

මේ පිළිබද වැඩි විස්තර දැනගන්න අපගේ ඊලග ලිපිය සමග එකතුවන්න

Facebook
WhatsApp
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *