...
Visa Celebrates

Visa ශ්‍රී ලාංකික Visa කාඩ්පත් හිමියන් සඳහා විශේෂ දීමනා සමඟින් සිංහල සහ හින්දු  අලුත් අවුරුද්ද සමරයි

ඩිජිටල් ගෙවීම් පිලිබඳ ගෝලීය ප්‍රමුඛතම ආයතනය වන Visa සමාගම  (NYSE: V), ශ්‍රී ලංකාවේ Visa කාඩ්පත් හිමියන්ට මෙම සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වඩාත් උත්සවශ්‍රීයෙන් සැමරීම සඳහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇත.(Visa Celebrates)

Visa ඩිජිටල් ගෙවීම් සඳහා ආරක්ෂාව සහ පහසුව වඩාත් ශක්තිමත් කරන අතරම පාරිභෝගික අත්දැකීම ඉහළ නංවනු ඇත. පාරිභෝගිකයින්ට අවුරුදු සමයේ මිලදී ගැනීම් සඳහා ගෙවීම් කිරීමට ඔවුන්ගේ Visa කාඩ්පත් tap කිරීමෙන් ශ්‍රී ලංකාව පුරා ප්‍රමුඛ පෙළේ වෙළඳසැල් රාශියකින් දීමනා සහ වට්ටම් (offers and discounts) ලබා ගත හැකිය.

Visa  ශ්‍රී ලංකාවේ  සහ මාලදිවයින සඳහා කළමනාකාරිනී වන අවන්ති කොළඹගේ මහත්මිය මේ පිලිබඳ පවසා සිටියේ  “සිංහල සහ හින්දු  අලුත් අවුරුද්ද අපි ඉතා ආදරයෙන් පිළිගන්නා අතර ශ්‍රී ලංකාවේ මිලියන සංඛ්‍යාත Visa කාඩ්පත් හිමියන්ට වඩාත් ප්‍රතිලාභදායක, බාධාවකින් තොරව සාප්පු සවාරි අත්දැකීම් ලබා දීමට හැකිවීම පිලිබඳ සතුටු වන බවයි. අපගේ පුළුල් වෙළඳ හවුල්කරුවන්ගේ ජාලය සහ සිල්ලර වෙළෙඳසැල් , අවන්හල් , සංචාර   සහ ජීවන රටා සඳහා අදාළ  උත්සව මිලදී ගැනීම් සඳහා විශිෂ්ට දීමනා ලබා දී , හොඳම වටිනාකමක් ලබා දීම අපගේ අරමුණවේ “

සිංහල සහ හින්දු අලුත් අවරුදු සමයේදී පාරිභෝගික ක්‍රියාකාරකම් සහ උත්සව වැඩිවීම නිසා පාරිභෝගිකයින් වැඩි වශයෙන් වියදම් කරන බැවින් ආහාරපාන , සංචාරක සහ ජීවන රටා වැනි කාණ්ඩවල මිලදී ගැනීම් වල වැඩිවීමක් සිදුවේ. එබැවින් Visa කාඩ්පත් හිමියන් තම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් Tap කර ගෙවීම් කිරීමේදී ඔවුන්ගේ මිලදී ගැනීම් සඳහා අමතර වටිනාකමක් ලබා දීමට  VIsa  විසින් ලබා දෙන දීමනා පුළුල් කර තිබේ.

Sinhala & Tamil New Year | Visa Celebrates

පාරිභෝගිකයින් හට මෙම දීමනා ලබා ගත හැකි දේශීය  සහ ජාත්‍යන්තර වෙළෙඳ ආයතන වලින් කිහිපයක් 

ආහාරපාන : Chinese Dragon, The Mango Tree, Skrumptious, Arabian Vibes, Mitsi’s Delicacies

සංචාරක : Qatar Airways, Agoda, Visa Luxury Hotel Collection

ජීවන රටා : Glomark, Stripes & Checks, Spring Summer, Prasad Fashion, Scope Cinemas

Visa ,පහසු, ආරක්ෂිත සහ ප්‍රතිලාභදායක ගෙවීම් අත්දැකීම් සමඟින්  පාරිභෝගිකයින් හට සුවිශේෂී  වටිනාකමක් ලබා දීම නොකඩවා  සිදු කරනු ඇත . ඒ සමඟම, කාඩ්පත් මත පදනම් වූ ගනුදෙනු වැඩි කිරීම තුලින්  වෙළඳ පරිසර පද්ධතිය තුළ ඩිජිටල් පිළිගැනීම ශක්තිමත් කරයි. මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම, මූල්‍ය ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීම සහ වැඩි පාරිභෝගික සහභාගීත්වයෙන් සහ මිලදී ගැනීම්  මඟින් වෙළෙඳුන් හට  ප්‍රතිලාභ ලබා  දීමට දායක වන අතර එය Visa  හි පුළුල් මෙහෙවර සමඟ සමපාත වේ.

සියලුම ප්‍රවර්ධන දීමනා සීමිත කාලයක් සඳහා ලබා ගත හැකිය. සම්පූර්ණ නියමයන් සහ කොන්දේසි සඳහා වෙබ් අඩවිය වෙත පිවිසෙන්න full terms and conditions here.

Facebook
WhatsApp
Twitter
LinkedIn
Pinterest
Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.