සංචාරක ක්ෂේත්‍රයෙන් ඔබටත් ස්වයං රැකියා අවස්ථා -

සංචාරක ක්ෂේත්‍රයෙන්  ස්වයං රැකියා අවස්ථා

මේ දිනවල සංචාරකයින්ගේ පැමිණීම වාර්තාගත ලෙස ඉහල යෑමක් පෙන්නුම් කරන බැවින් සංචාරක ක්ෂේත්‍රයේ ( Tourism Industry Self employment in tourism) ස්වයං රැකියා අවස්ථා පිළිබඳව විමසිලිමත් වන ඔබට දැන් සුදුසුම කාලය පැමිණ තිබේ.

 ඔබ සංචාරකයින් ගැවසෙන ප්‍රදේශයක ජීවත් වන්නේ නම් ඔබට මෙම ක්ෂේත්‍රය තුලින් දැන් ආදායම් මාර්ගයක් සකස් කර ගැනීමට අවස්ථා උදා වී තිබේ.

මෙහිදී ඔබට පහසුවෙන් සහ අඩු ප්‍රාග්ධනයකින් ආරම්භකළ හැකි ව්‍යාපාරයක් කෙරෙහි යොමුවීම වැදගත්වේ,

සංචාරකයින් දේශීය ආහාරපාන වලට වැඩි කැමැත්තක් දක්වන බැවින් ඔබට ඒ පිලිබඳ අවධානය යොමු කල හැකිය. උදාහරණයක් ලෙස  තැඹිලි හෝ කුරුම්බා , කොළ කැඳ සහ සව් , කුරක්කන් වැනි කඳ වර්ග,  දේශීය පලතුරු සහ පලතුරු යුෂ , පලතුරු අච්චාරු වැනි ආහාර වර්ග වලින් යුත් ව්‍යාපාරයක් මෙහිදී ඔබට තෝරා ගත හැකිවේ.

ඔබ අළෙවි කිරීමට  තෝරා ගන්නා ආහාර වර්ගය කුමක් වුවත් එය   මිලදී ගැනීමට ප්‍රිය වන ආකාරයට  අසුරා තිබීමෙන් එය දැක්ක ගමන්ම මිලදී ගැනීමට ආශාවක් ඇතිවෙනවා.

ඵලදායී ලෙස ආහාර ( දැක්ක ගමන් මිලදී ගැනීමට) විකිණීමට  උපදෙස් කිහිපයක්

ඔබගේ අළෙවි  ස්ථානය පොල් අතු වුවත් එය  අලංකාර ලෙස සකස් කර තිබීම

හැකි තරම් දේශීයත්වය ඉස්මතු  වන ලෙස ඔබගේ  අළෙවි  කුටිය සකස් කරන්න .

සංචාරකයින්ට අපගේ ආහාර පිළිබඳව අවබෝධයක් නොමැති නිසා අපි ඔවුනට ඒ පිළිබඳව සරල අවබෝධයක් ලබා දීම වැදගත්වේ.

පළමුවෙන්ම ඔවුන්ව ආචාරශීලි ලෙස පිළිගැනීම ( මෙහිදී දවසේ කාලය අනුව අපට good morning වගේ වචන භාවිතා කල හැකිය(Self employment in tourism) . භාෂාව දන්නේ නැති වුනත්  ඔවුන් සමඟ සිනාවී මිත්‍රශීලි වන්න .

ආහාර වර්ගයේ නම සහ මිල සඳහන් කර තැබීම

Self employment in tourism

එම අහාරයේ සෞඛ්‍යමය ප්‍රතිලාභ ඉතා සරලව සහ කෙටියෙන් board එකක  සඳහන් කර තිබීම  .

සාම්පල හෝ රස බැලීම : Self employment in tourism

ඔබගේ  වෙළෙඳ කුටියට පැමිණෙන සංචාරකයින්ට ආහාර මිලදී ගැනීමට පෙර   ආහාරවල කුඩා සාම්පල පිරිනමන්න. මෙමගින් ඔවුන්ට රසයන් සහ ගුණාත්මක භාවය ප්‍රථමයෙන් අත්විඳීමට ඉඩ සලසයි. එය  මිලදී ගැනීමේ  අවස්ථාව  වැඩි කරයි.

 ඔබ  පාර අද්දර සිට අලෙවි කරනවානම් ඒ අවට පරිසරය පවිත්‍රව තබා ගැනීම . තැඹිලි කුරුම්බා වැනි ආහාරපාන ඉතා පිරිසිදු ලෙස කපලා straw එකක් මඟින් හෝ පිරිසිදු වීදුරුවකට එහි මදය සමග රසවත් පානයක් ලෙස පිළිගැන්විය හැකිය.

  1. පලතුරු අච්චාරු වගේ ආහාර මිරිස් අඩුකර පිලියල කර කෑමට ආකර්ශනීය   වන ලෙස ඇසුරුම් කර තිබීම
  2. වරකා වගේ ආහාර අළෙවි කරන්නේ නම් එය මදුළු ගලවා පිරිසිදුව හා  ආකර්ශනීය ලෙස අසුරා තබන්න.
  3. ඔබ බුලත් වගේ දේවල් කන්නේ නැතිව හිස හොඳින් පීරා පවිත්‍ර ඇඳුමකින් සැරසී  සිටීම .
  4. සංචාරකයින් අපගේ රටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අත්වින්දින්නයි. මේ සඳහා ඔවුන් ගොඩක් මුදල් වියදම් කරනවා.

එය අපේ රටට විදේශ විනිමය ලබෙන ප්‍රධානතම මාර්ගයකි . ඒ නිසා අපි කිසිවෙටෙකත් අපේ රටට පැමිණෙන සංචාරකයින්ට වංචා නොකළ යුතුය. ඒ නිසා වැඩි  මිලකට භාණ්ඩ විකිණීම් නොකළ යුතු අතර ඉතිරි මුදල් තිබේ නම් එය නැවත ඔවුනට ලබාදිය යුතුවේ(Self employment in tourism).  රටේ ගෞරවයත් රැකගෙන ඔබත් ආදායම් උපයමින් නැවත වරක් ඔවුන්ට අපේ රටට  පැමිණීමේ   ආශාව  ඇතිවන ලෙස ක්‍රියා කිරීම වැදගත්වේ.

Facebook
WhatsApp
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *