ව්‍යාපාරයක් පටන් ගන්නේ විශාල බලාපොරොත්තු, උද්යෝගය සහ කැපවීමත් සමගයි. නමුත් බොහෝ දෙනා මුලදීම සිදුකරන වරදක් වන්නෙ මූල්‍යය පිළිබඳ සැලසුමක් නොමැතිව සහ ගනුදෙනු ලියවිලි තැබීම නොකර ව්‍යාපාරය පවත්වාගෙන යෑමයි.
එහෙම නොකළොත් කෙටිකාලීනව වැඩේ හරි හොඳටම යන්න පුළුවන් වුවත්, දිගුකාලීනව බලනකොට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසාම අපි මේ ලිපියෙන් බලමු කොහොමද මේ වැඩේ හරියටම කරන්නෙ කියලා.
මූල්‍ය සැලසුමක් ( Financial Plan) කියන්නේ මොකද්ද?
- ගිණුම් වාර්තා තැබීමේ වැදගත්කම මොකක්ද?
- මේ දේවල් පළමු දින සිටම කරන්න ඕනේ ඇයි?
- ඔයාටත් කරන්න පුළුවන් සරල ක්‍රම මොනවාද?
මූල්‍ය සැලසුමක් කියන්නේ ඔයාගේ ව්‍යාපාරයට මුදල් පිළිබඳ සරල වැඩපිළිවෙලක්
උදාහරණයක්:
- මාසයකින් කොච්චර ආදායම (ඒ කියන්නේ ලැබෙන මුදල්) බලාපොරොත්තු වෙනවද?
- කොච්චර වියදම් තියෙයිද?
- කොච්චර ලාභ (ඒ කියන්නේ ඉතිරි වෙච්ච මුදල්) තියෙයි කියලා?
- ඔය තොරතුරු සැලැස්වීම තමයි මූල්‍ය සැලසුම.
වාර්තා තැබීම කියන්නේ මොකක්ද?
වාර්තා තැබීම කියන්නේ ඔයාගේ සෑම මුදල් ගනුදෙනුවක්ම ලියවිලි ගත කිරීම.
උදා:
- සෑදූ බිල්පත් (invoices)
- ගෙවූ මුදල්
- ලැබුණු මුදල්
- ණය
- EPF/ETF ගෙවීම්
මේවට ලියපු පොත් තිබුණොත් – ව්‍යාපාරය ගැන හොඳින් තේරුම් ගන්න පුළුවන්.
පළමු දින සිටම මේ දේවල් කරන්න ඕනේ ඇයි?
- විශ්වාසයෙන් යුතුව තීරණ ගැනීමට
ඔයාට ව්‍යාපාරයක් දියුණු කරන්න හිතෙන්න පුළුවන්. ඒත් ඒක කරන්න හොඳ තොරතුරු අවශ්‍යයි. ලාභ තියෙනවද? පාඩුවක්ද? වියදම් වැඩිද?
අනේ මට හිතෙනවා කියලා හිතල වැඩේ ගිහින් පාඩු වෙන එකට වඩා, වාර්තා බලලා තීරණ ගන්න එක වැඩියි.
- බදු සහ නීති වලට අනුකූලව සිටීම
ව්‍යාපාරයක් පවත්වාගෙන යන විට අදායම් බද්ද (Income Tax), VAT, EPF/ETF වගේ බොහෝ නීති තියෙනවා.
ඔයාට ඒවා ගෙවන්න ඕනේ. ඒක කරන්න ලියවිලි තිබුණොත් හරිම ලේසියි. නැත්නම් පරීක්ෂණ වලදි දඩ ගෙවන්න වෙනවා.
- බැංකු ණය හෝ ආයෝජකයන්
ඔයාට ණයක් ඕනේ නම්, හෝ ව්‍යාපාරය වෙනුවෙන් ආයෝජනයක් ගන්න හිතනව නම් – ඔයාලගේ ගිණුම් වාර්තා පෙන්වන්න වෙයි.
උදා: පසුගිය මාස 6ක ව්‍යාපාර වාර්තාවක්, ලාභ/පාඩු වාර්තා, බැංකු විස්තර වගේ දේවල්.
එසේ නැත්නම් ණය හෝ ආයෝජනයක් අහිමි වෙන්න පුළුවන්.
- පාඩු වෙන තැනක් හඳුනාගන්න
කවුරුහරි මුදල් වියදම් කරලා තියෙනවද? කවුරුහරි වියදම් කරන හැටි ගොඩක්ද?ඔයාට පෙනෙන්නෙ නැතිව වියදම් වෙනවානම්, ලාභ අඩු වෙනවා.වාර්තා තියෙනව නම් ඒවා හොඳට අඳුනාගෙන යළි වැඩිම ආදායමක් ලැබෙන තැනට හැරවිය හැක.
- ව්‍යාපාරය විශාල කරන්න පුළුවන්
මුල් දවසේ ගොඩ දාපු දේ හරි නම්, අනාගතයේදී ඒක වැඩි කරගන්න ලේසියි.
නමුත් මුල්ම වියදම්, ගෙවීම්, බදු දේවල් තේරෙන්නෙ නැත්නම් වැඩ වැඩි වෙන්නට අමාරුයි.
ඔයාටත් මේ දේවල් කරන්න පුළුවන් සරල ක්‍රම
✅ ව්‍යාපාර ගිණුමක් විවෘත කරන්න
පුද්ගලික ගිණුමෙන් ව්‍යාපාර මුදල් වෙන් කරන්න. ඒකෙන් පැහැදිලිවම දැනගන්න පුළුවන් ව්‍යාපාරය ලාභ දෙනවද නැද්ද කියලා.
✅ සරල ගිණුම් පොතක් හෝ Excel එකක් පාවිච්චි කරන්න
මීට තියෙන සරල ක්‍රම:
Excel වල මාසික වියදම්, ආදායම් ලියාගන්න.
හෝ ගිණුම් සොෆ්ට්වෙයර් භාවිත කරන්න: QuickBooks, Wave (නොමිලේ), Xero වගේ.
✅ ගණකාධිකාරියෙකුගේ සහය
මුලදීම පොඩි ව්‍යාපාරයක් නම් ඔයාම Excel එකකින් කරන්න පුළුවන්. නමුත් ව්‍යාපාරය ටික ටික වැඩිවෙද්දි වෘත්තීයෙකුගේ (Accountant) උදව් ගන්න.
ඔයාට බදු ගෙවීම්, වාර්ෂික ගිණුම්, විගණන වාර්තා වගේ දේවල් ඔහු හරියට කරල දෙයි.
✅ මාසයකින් වරක් වාර්තා බලන්න
- මාසික ආදායම කොච්චරද?
- වියදම් වැඩි වෙලාද?
- මගේ ලාභය වැඩිද?
ඒ වගේ simple විශ්ලේෂණයක් හැම මාසෙම කරන්න.
✅ වාර්ෂික වාර්තා සකස් කරන්න
අවුරුද්දකට වරක් ව්‍යාපාරය සම්පූර්ණ විශ්ලේෂණයක් කරන්න:
- ලාභ/පාඩු ගණනය
- ව්‍යාපාරය කොච්චර වැඩිවෙලාද?
- අලුත් තීරණ ගන්න එකේ මූලික දත්ත
හැමෝටම වැදගත් වෙන ටිකක්
ඔයා ලාභ ලබනවා කියලා හිතන එක වෙනස් දෙයක්. ඒක විශ්වාසයෙන් වාර්තා කරලා පෙන්වන්න පුළුවන් වීම වෙනස් දෙයක්.
ඔයාගෙ ව්‍යාපාරය දිගටම සාර්ථකව පවත්වාගෙන යන්න – මූල්‍ය සැලසුම්, ලියවිලි, වාර්තාකරණය කියන්නේ පාදකය.
vyapara.lk කියන්නේ කාටද?
ඔයා පොඩි ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. හෝ ව්‍යාපාරයක් පටන් ගන්න හිතන කෙනෙක් වෙන්න පුළුවන්.
ඔයාලා වෙනුවෙන්ම අපි:
- ව්‍යාපාර උපදෙස්
- ආරම්භක මග පෙන්වීම
- ව්‍යාපාරික සේවා සම්බන්ධකරණය (උදා: ගිණුම්කරණය, බදු උපදෙස්, වෙබ් අඩවි ආදිය)
අවශ්‍යයි කියලා හිතෙනවනම්, අපිව සම්බන්ධ කරගන්න.