ඔයා බිස්නස් එකක් කරන් යන කෙනෙක් හරි බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් හරි අනිවාර්යෙන්ම කියවන්න. ඔයාට බිස්නස් එකක් දැනටමත් තියෙනවා නම් අපි ඉදිරියේදි කියලා දෙනදේවල් ඔයාගෙ බිස්නස් එකෙත් තියෙනවාද බලන්න.✅
බිස්නස් එකක් ආරම්භ කරනවාට වඩා අමාරුම දේ තමා බිස්නස් එකක් හරියට පවත්වාගෙන යන එක.💯
නමුත් අපි ව්‍යාපාරය හරිම විදියට ගොඩනගනවා නම් ව්‍යාපාරයේ කල්පැවැත්ම ලොකු විශ්වාසයක් තියාගන්න පුලුවන්.🔥
ගොඩක් දෙනා කරන්නෙ තමන්ට හිතට එන අදහසක් අනුව, එහෙම නැත්නම් කවුරු හරි කරන දෙයක් බලලා බිස්නස් එකක් පටන් ගන්න එක.
එය සාර්ථක වන අවස්තා තිබුනත් එය නිවැරදිම විදිය නෙමෙ. උදාහරණයක් විදියට මෙහෙම හිතන්න. කෙනෙක් රෙදි කඩයක් පටන් ගන්නවා කවුරු හරි කරන එකක් දැකලා. එහෙම අලුතින් පටන් ගන්න කෙනත් සාර්ථක වෙනවා කියල හිතන්න. එතකොට ඔයත් ඒක දැකලා ඒ බිස්නස් එක පටන් ගන්නවා.නමුත් ඔයාට හිතන තරම් සාර්ථක වෙන්න බැරි උනොත් ඒකට හේතුව මොකක් කියලද ඔයාට හිතෙන්නෙ🤷
ඔයාට මෙන්න මේ වගේ දේවල් හිතෙන්න පුලුවන්💡
- මට බිස්නස් හරියන්නෙ නෑ , අපේ වෙලාව තමා වගෙ දෙයක්
- මට බිස්නස් එකක් කරන්න එයාට තරම් සල්ලි නෑ
- එයාට හොඳ සම්බන්ධතා ඇති අපි අඳුරන අය නෑනෙ වගේ දේවල්
මේ වගේ දේවල් 100% නිවැරදි දේවල් නෙමෙයි. කලින් උදාහරණයේ විදියට හිතුවොත් ඔයා අසාර්ථක වෙන්න මේ වගේ දේවල් බලපාන්න පුලුවන්
1️⃣
හිතන්න එයා රෙදි බිස්නස් එක පටන් ගන්න අවස්තාවේදී මොකක් හරි ට්‍රෙන්ඩ් (trend) එකක් වෙනත් විදියකට කිව්වොත් විලාසිතා රැල්ලක් තිබුණා නම් එයාට ඒ මොහොතේදී ලොකු චාන්ස් එකක් තියෙනවා සාර්ථක වෙන්න. නමුත් ඔයා ඒ බිස්නස් එකම පටන් ගන්න වෙලාව වෙන කොට ඒ විලාසිතා රැල්ල(trend) අවසන් වෙලා තියෙන්න පුලුවන්. ඒ වගේ ට්‍රෙන්ඩ් (trend) එක අවසන් වෙලා තියෙන වෙලාවක ඔයා ඒ ඇදුම් විකුණන්න උත්සහ කරන එක ගොඩක් අවස්තාවලදී අසාර්තක වෙන්න පුලුවන්.
එතකොට ඔයාට දැන් තේරෙනවා ඇති ඔයා කලින් හිතපු දේවල් නොවෙන්න පුලුවන් කියලා ඔයාගෙ බිස්නස් එක සාර්ථක නොවෙන්න.👈
2️⃣
තවත් හේතුවක් විදියට හිතුවොත් මෙහෙම දෙයක් වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ඔයා බිස්නස් එකක් පටන්ගෙන මූලික දේවල් ටිකක් කරලා බිස්නස් එකක් එනකන් බලා ඉන්නවා. නමුත් ව්‍යාපාරය පටන් ගත්තු අනෙක් කෙනා ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනවා. එවිට පාරිභෝගික වැඩි පිරිසක් දන්නෙ ඔබේ ව්‍යාපාරය නොවේ අනෙක් තරඟකරුවාගේ ව්‍යාපාරයයි. එවිට ඔවුන්ට වැඩි අවස්තාවක් තියෙනවා ඔයාට සාපේක්ෂව සාර්ථක වෙන්න
ඔයාට දැන් අවබෝධ වෙලා ඇති ඔයා හිතන හේතුම නෙමෙයි ඔයාගෙ බිස්නස් එකේ පැවැත්මට බලපාන්නෙ කියලා.
ඔයාටත් ඔයාගෙ බිස්නස් එක හරියට කරන්නෙ කොහොමද කියලා දැනගන්න ඕනේ නම් OK🆗 කියලා කමෙන්ටුවක් පල කරන්න. මීලග ලිපි වලින් අපි ඔයාට කියන්නම් පියවරෙන් පියවර ඔයාගෙ බිස්නස් එක දියුණුකරන්නෙ කොහොමද කියලා.
මේ ලිපියට ඔබේ ඉහල ප්‍රතිචාරයක් තියෙනවා නම් අපි ඉක්මනින්ම මීලග ලිපියත් පලකරන්න සූදානම්🔰
මේ වගේ දේවල් දැනගන්න අපේ ෆේස්බුක් පිටුව ෆලොව් කරලා තියාගන්න.