...
Pine-Labs-Logo

ලංකා බැංකුව බහු-මුදල් පෙරගෙවුම් විදේශ විනිමය කාඩ්පත් සඳහා Pine Labs සමාගමේ ක්‍රෙඩිට්+ තාක්ෂණය භාවිතා කරයි.

ශ්‍රී ලංකාව, සැප්තැම්බර් 29, 2025 .

මුල්‍ය කටයුතු සඳහා තාක්ෂණය සපයන ගෝලීය ආයතනයක් වන Pine Labs සමාගම , ලංකා බැංකුව සමඟ නව හවුල්කාරිත්වයක් සඳහා නොබෝදා එළඹුණි. මෙම Fin-tech හවුල්කාරිත්වය හරහා, Pine Labs සමාගමේ ක්‍රෙඩිට්+ තාක්ෂණය භාවිතා කර බහු මුදල් වර්ග සඳහා පෙරගෙවුම් සංචාරක කාඩ්පත් (prepaid multi-currency travel cards )නිකුත් කිරීමට සහ කළමනාකරණය කිරීමට මෙන්ම කාඩ්පත් ඉක්මනින් සහ ආරක්ෂිතව නිකුත් කිරීමට ලංකා බැංකුව ට හැකිවේ. මාස්ටර්කාඩ් සන්නාමය යටතේ නිකුත් කරන මෙම භෞතික කාඩ්පත ලංකා බැංකුවේ විදේශගත වන ගනුදෙනුකරුවන් හට විදේශ විනිමය පහසු ලෙස හැසිරවීමට උපකාරී වේ.

Credit+ තාක්ෂණය යනු බැංකු සහ මූල්‍ය ආයතනවලට ක්‍රෙඩිට් කාඩ්පත් , ණය කාඩ්පත් , පෙරගෙවුම් සහ විදේශ විනිමය කාඩ්පත් වැනි විවිධ වර්ගයේ කාඩ්පත් නිකුත් කිරීමට සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සියල්ල කළමනාකරණය කිරීමට උපකාර කරන තාක්ෂණික විසඳුමකි. නව පරිශීලකයින් ලියාපදිංචි කිරීම සහ කාඩ්පත් නිකුත් කිරීමේ සිට ගනුදෙනු සැකසීම, වංචා වැළැක්වීම සහ ගෙවීම් සහ එකතු කිරීම් කළමනාකරණය කිරීම දක්වා වූ සම්පූර්ණ ක්‍රියාවලිය එමඟින් හසුරුවයි. එය APIs පාදකව ගොඩනගා ඇති බැවින් එය ඒකාබද්ධ කිරීම සහ පාරිභෝගික අවශ්‍යතා වඩාත් පහසුවෙන් සහ කාර්යක්ෂමව හැසිරවීමට ද උපකාරී වේ.

මේ පිළිබඳ Pine Labs සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී B Amrish Rau මහතා පවසා සිටියේ “අපගේ Credit+ තාක්ෂණය බැංකු සහ මූල්‍ය ආයතනවලට පහසුවෙන් කාඩ්පත් නිකුත් කිරීමට හැකියාව ලබා දෙන අතර අයකිරීම් කළමනාකරණය කිරීම, ටෝකනීකරණය සමඟ ආරක්ෂාව ඇතුළුව ගෝලීය රෙගුලාසි වලට අනුකුල වන පරිදි ක්‍රියාත්මක කිරීමට උපකාරී වන සියලුම නියාමන අවශ්‍යතා සපුරාලන බවයි . ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව සමඟ එක්ව තම ගනුදෙනුකරුවන් සඳහා බහු මුදල් වර්ග භාවිතා කළහැකි පෙරගෙවුම් සංචාරක කාඩ්පත් නිකුත් කිරීම සඳහා ශක්තිමත් තාක්‍ෂණයක් සැපයීමට හැකිවීම පිලිබඳ අපි සතුටු වන්නෙමු. “

සිය ගනුදෙනුකරුවන්ගේ සංචාරක කටයුතු පහසු සහ ආරක්ෂිත කිරීම සඳහා ලංකා බැංකුව විසින් BOC බහු මුදල් සංචාරක කාඩ්පත හඳුන්වා දී තිබේ. මෙම ඩිජිටල් කාඩ්පත මඟින් දැන් විවිධ මුදල් වර්ග භාවිතා කිරීමට ඉඩ සලසන අතර ඔබට විදේශ සංචාර වලදී විශ්වාසයෙන් යුතුව වියදම් කළ හැකි අතර විනිමය ගාස්තු සඳහා වැය වන මුදල් ද ඉතිරි කර ගත හැකිය.

මේ වන විට අපි මෙම කාඩ්පත් 20,000 කට වඩා නිකුත් කර ඇති අතර අපගේ කාඩ්පත් සඳහා මෙහෙයුම් කළමනාකරණය කිරීමට සහ පාලනය කිරීමට සහාය දීම සම්බන්ධයෙන් Pine Labs සමාගම වෙත අපි ස්තූතිවන්ත වෙමු. ඔවුන්ගේ ගුණාත්මක සේවාව, කැපවීම සහ වෘත්තීයභාවය අපට සාර්ථක වීමට උපකාරී වී ඇති අතර, අපගේ සංචාරක කාඩ්පත් සේවා ලොව පුරා වර්ධනය කිරීම සඳහා ඔවුන් සමඟ අඛණ්ඩව ක්‍රියා කිරීමට අපි බලාපොරොත්තු වන බව ලංකා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර) උපුල් විජයතුංග මහතා පවසා සිටියේය.

Credit+ තාක්ෂණය යනු Pine Labs සමාගමේ නවීන, API-පාදක පද්ධතියක් වන අතර එය බැංකු සහ මූල්‍ය සමාගම්වලට ණය, හර සහ පෙරගෙවුම් කාඩ්පත් නිකුත් කිරීමට සහ කළමනාකරණය කිරීමට උපකාරී වේ. එය කාඩ්පත් නිකුත් කරන සහ ගෙවීම් සකසන යන කොටස් දෙකටම සහය දක්වයි, පාරිභෝගික ඇතුළත් කිරීම, ගනුදෙනු හැසිරවීම සහ අඛණ්ඩ කළමනාකරණය සඳහා සම්පූර්ණ විසඳුමක් ලබා දෙයි. 2024 අවසානය වන විට, ඉන්දියාව, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, පිලිපීනය, සෞදි අරාබිය සහ ඊජිප්තුව ඇතුළුව රටවල් 16 ක කාඩ්පත් නිකුත් කරන ආයතන 28 ක් තුල ගිණුම් මිලියන 71 ක් නිකුත් කිරීමට Credit+ තාක්ෂණය භාවිතා කර ඇත.

Pine Labs විසින් ලබා දෙන Credit+ තාක්ෂණය ණය , හර , පෙරගෙවුම් , විදේශ විනිමය (forex), සහ loyalty කාඩ්පත් ඇතුළුව ව්‍යාපාර සඳහා ඕනෑම වර්ගයේ කාඩ්පත් නිකුත් කිරීමට සහ කළමනාකරණය කිරීමට උපකාරී වන පරිපුර්ණ තාක්ෂණයකි. එය සංචාර, ආයතනික , තෑගි, co-branded, සහ EMI කාඩ්පත් සඳහා සහය දෙයි.

API සමඟින් බලගැන්වෙන Credit+ තාක්ෂණය නිකුත් කරන්නන්ට සහ හවුල්කරුවන්ට සුමට පරිශීලක අත්දැකීමක් ලබා දීම සඳහා ඔවුන්ගේ යෙදුම්වලට මූල්‍ය සේවා ඇතුළත් කිරීමට ඉඩ සලසයි. එය ඇතුළත් කිරීම සහ KYC සිට කාඩ්පත් නිකුත් කිරීම, ගනුදෙනු, පාලනය කිරීම , ත්‍යාග සහ පාරිභෝගික සහාය දක්වා වූ සියලු කටයුතු ආවරණය කරයි. එම නිසා වියදම් අධීක්ෂණය, ඩිජිටල් වොලට්, gig economy ගෙවීම්, ඉන්ධන සහ රථවාහන වැනි කාඩ්පත් සඳහා ෆින්ටෙක් විසඳුම් ලෙස මෙය ඉතා සුදුසු වේ.

Facebook
WhatsApp
Twitter
LinkedIn
Pinterest
Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.