අද සමාජයේ බොහෝ දෙනෙක්ට තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර එය සාර්ථක කරගැනීමට සිහිනක් තියෙනවා. නමුත් ඒය සරල වැඩක් වෙන්නේ නෑ . ව්‍යාපාරයක් නිවැරදිව කරගෙන යාම සදහා හොඳ සැලසුමක්, ශක්තිමත් නායකත්වයක්, සහ පාරිභෝගික අවබෝධයක් අවශ්‍ය වෙනවා.
මුලින්ම හොද අදහසක් තෝරා ගන්න
ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම්, පළමුවෙන්ම ඔබේ අදහස විශ්වාසයෙන් නිවැරදිව තෝරාගත යුතුය . ඔබට ආසාවක් තියෙන, දැනුම තියෙන හෝ අත්දැකීම් තියෙන ක්ෂේත්‍රයක ව්‍යාපාරයක් තෝරාගන්න. උදාහරණයක් ලෙස, ඔබට කෑම පිළිබඳ හැකියාවක් තියෙනවා නම්, කුඩා කෑම ව්‍යාපාරයක් පටන්ගන්න පුළුවන්.
වෙළඳපොළ පරීක්ෂාවක් (Market Research) කරන්න
ඔබගේ අදහසට වෙළඳපොළේ ඉල්ලුමක් තියෙන්නේද? තරඟකරුවන්ගේ විස්තර ? පාරිභෝගිකයෝ කවුද? යන්න මූලිකව හදාරන්න. මේක කරන්න පුළුවන් ලේසි ක්‍රමවලින්:
Google හරහා සොයන්න
Facebook සමූහවලට සම්බන්ධ වෙන්න
පාරිභෝගිකයින්ගෙන් සරල විමසුමක් (survey) කරන්න
ව්‍යාපාර සැලසුමක් ලියන්න
ව්‍යාපාර සැලසුම කියන්නේ ඔබේ ව්‍යාපාරය කෙසේ ක්‍රියාත්මක වන්නේද, ආදායම්/ව්‍යායෝග මොනවාද කියන විස්තර සටහනක්. මෙය ඔබට පාරිභෝගිකයින් හෝ ආයෝජකයින් හමුවේ විශ්වාසයක් ගොඩනඟන්න උදව්වක් වෙනවා.
ව්‍යාපාර සැලසුමේ ඇතුළත් විය යුතු දේවල්:
ඔබේ අදහස
ඉලක්කය
වෙළඳපොළ විශ්ලේෂණය
අලෙවිකරණ ක‍්‍රම
මුදල් සැලසුම
නීතිමය වශයෙන් ලියාපදිංචි වන්න
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයකට නීතිමය ආරක්ෂාවක් ලැබීමට, එය ප්‍රායෝගිකව ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍යයි. ඔබට ලියාපදිංචි විය හැක්කේ:
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
Name Reservation BRC Business Registration Certificate තුලින්ය.
ඩිජිටල් අලෙවිකරණය (Digital Marketing)
අද ව්‍යාපාර සාර්ථකව කරගෙන යාමට ඩිජිටල් මාධ්‍ය අත්‍යවශ්‍යයි. ඔබේ නිෂ්පාදන/සේවාවන් සොයාගන්න
Facebook,
Instagram,
TikTok වැනි මාධ්‍ය භාවිතා කරන්න.
ගිණුම්කරණය සහ මුදල් කළමනාකරණය
මුදල් සැලසුමක් නොමැතිව ව්‍යාපාරයක් දිගටම පවත්වාගෙන යාම අසීරුය.
ඔබේ දිනපතා වියදම් සටහන් කල යුතුය .
ලාභය සහ පාඩුව නිතරම විශ්ලේෂණය කල යුතුය.
අවශ්‍ය නම් ගිණුම්කරුවෙකුගෙන් උපදෙස් ලබා ගන්න.පාරිභෝගිකයින් සමඟ සබඳතා තබා ගන්න
සාර්ථක ව්‍යාපාරයක් කියන්නේ විශ්වාසය ඇති කරන ව්‍යාපාරයකි. පාරිභෝගිකයින්ගේ අදහස් , ප්‍රතිචාර වලට පිළිතුරු දෙන්න, සහ ඔබේ සේවාව හෝ නිෂ්පාදනය නිතර නවීකරණය කරන්න.
ව්‍යාපාරයක් නිවැරදිව කරගෙන යාමට හැකියාව හැමෝටම තියෙනවා. ඔබේ උනන්දුව, නිවැරදි සැලසුම සහ අලෙවියට කැපවීම තිබුණොත්, ඔබටත් සාර්ථක ව්‍යාපාරයක් ඇතිකරගන්න පුළුවන්. අදම අරඹන්න!