...
බිස්නස් එකේ අත්තිවාරම හයියද

බිස්නස් එකේ අත්තිවාරම හයියද?

ඔබේ ව්‍යාපාරය සාර්ථක හෝ අසාර්ථක වෙන්න බලපාන නමුත් ඔබ නොසිතන විදියේ මූලික හේතු කිහිපයක් අප ගිය සතියේ ලිපියෙන් කතා කලා.

ඒ අනුව ඔයාට දැන් වැටහෙනවා ඇති අපේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රදා පවතින්නේ අප ගන්නා තීන්දු තීරණ අනුව බව.

වැඩි කතා නැතුව අපි අපේ වැඩේ පටන් ගමු. අපි මෙහිදී මූලිකවම කරන්න යන්නෙ. පියවරෙන් පියවර කොහොමද හරියටම බිස්නස් එකක් පටන් ගන්නෙ කියලා ලිපි මාලාවකින් ඔයාට කියල දෙන්නයි. ඒ ලිපි මාලාවේ පලවෙනි පියවර තමයි මේ.

💡ව්‍යාපාර අවස්තා හදුනා ගැනීම

ව්‍යාපාර අවස්තාවක් තියෙන්න නම් අනිවාර්යයෙන්ම වෙලදපොලේ ගැටළුක් , හිගයක් එහෙමත් නැත්තම් ලොකු ඉල්ලුමක් තියෙන්න ඕනේ.

සරලවම කිව්වොත් මෙහෙමයි. කලින් වගේම රෙදි පිලි සම්බන්ධවම උදාහරණය සලකා බලමු. හිතන්න ඔයා විකුණන්නෙ ජර්සි නම් ඒක විකිනෙන්නෙ සීත කාල වලදි විතරයි. ඒ වෙලාව වෙනකොට ගැටලුවක් තියෙනවා☄️, ලොකු ඉල්ලුමක් තියෙනවා ඒ වගේම සමහර වෙලාවට ඒ කාලයේදී හිගයක් තියෙන්නත් පුලුවන්.(ඉල්ලුම වැඩිවීම නිසා). ඔයාට සීතකාල වලදී මෙම ජර්සි විකුණලා සාර්ථක වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. නමුත් ඔයා ජර්සි විකුණන්න හදන්නෙ රස්නෙ කාලෙක නම්. ඒක සාර්ථක වෙන්නෙ නෑ. මොකද ඒ වෙද්දි ඒ සීතල සම්බන්ධ ගැටලුවක්, හිගයක් හො ඉල්ලුමක් යන කිසිම සාධකයක් නැති නිසා.😕

දැන් ඔයාට තේරෙන්න ඕනෙ ඔයාගෙ ව්‍යාපාර අදහසත් වෙලදපල ඉල්ලුමට ගැලපෙන්නෙ කොහොමද කියලා කල්පනා කරලා බලන්න.

අපි තව ව්‍යාපාරික අදහසක් අරගෙන ඒක වැඩ කරනවාද නැද්ද යන්න තහවුරු කරගන්නෙ කොහොමද බලමු.😇

හිතන්න ඔයා විසිතුරු භාණ්ඩ විකුණන කෙනෙක් කියලා. විසිතුරු භාණ්ඩ කාණ්ඩය සැලකූ විට ඒක බොහෝ වෙලාවට ගැටලුවකට පිලිතුරක් සපයන්නෙ නැත. එසේ නම් අපි මීලගට බලන්න ඕනෙ මෙවන් විසිතුරු භාණ්ඩ වල හිගයක් තියෙනවද කියලා. ඔයාගෙ විසිතුරු භාණ්ඩ ඉතාමත් කලාතුරකින් දකින්න ලැබෙන, ආවේණික සහ ගොඩක් ලස්සන භාණ්ඩයක් නම් බොහෝවිට එහි වෙළඳපල හිගයක් තියෙන්න පුලුවන්. ඒ වගේම මේ භාණ්ඩය දැක්ක ගමන් කෙනෙක්ට ගන්න හිතෙනවා නම් ඒකට ඉල්ලුමකුත් වෙළඳපල තුල තියෙන්න පුලුවන්. මේ වගේ වෙලාවක ඔයාගෙ ව්‍යාපාරික අවස්තාව සාර්ථක වෙන්න පුලුවන් මූලික කරුණු 2ක්ම තියෙනවා. ඒක සාර්ථක වෙන්න අවස්ථාවක් අනිවාර්යයෙන්ම තියෙනවා.👍

නමුත් ඒ වෙනුවට මෙහෙම හිතන්න. ඔයාගෙ විසිතුරු භාණ්ඩ ඕනෑම තැනක බහුලව මිලදී ගන්න තියෙනවා. ලොකු ඉල්ලුමකුත් නැති නම් ඔයාගෙ බිස්නස් එක වැටෙන්න තියෙන අවස්තාව වැඩි.❗️

අපි දැනටම ව්‍යාපාරයක් පටන්ගෙන නමුත් මේ මූලික කරුණු 3ම ආවරණය වෙන්නෙ නැතිනම් අපි මොකද කරන්නෙ කියන ගැටලුව ඔයාට දැන් ඇති. අපි කියන්නෙ නෑ ඒක අසාර්ථක ව්‍යාපාරයක් කියලා. මොකද ව්‍යාපාරයක් සාර්ථක වෙන්න බලපාන මූලික කරුණු 3ක් විතරයි ඔය. ඔයා බිස්නස් එක කරන තැන අනුව පවා ව්‍යාපාර සාර්ථක වෙන්න පුලුවන්.

දැන් අපි කියන්නම් ඔයා දැනටම ව්‍යාපාරයක් පටන්ගෙන කරගෙන යන කෙනෙක් නම් මේ කරුණු යොදාගෙන ඔයාගෙ බිස්නස් එක සාර්ථක කරගන්නෙ කියලා. ඔයාට පුලුවන් දැන් උනත් මේ කරුණු ඔයාගෙ බිස්නස් එකට යොදාගෙන සාර්ථක වෙන්න.📈

ඒකට ඔයාට කරන්න තියෙන්නෙ විශේෂිත ගුණාංග එකතු කරන එකයි. ඔයාගෙ ව්‍යාපාරය ගැටලුවකට පිලිතුරු සපයන දෙයක් නෙමෙයි නම් ඔයාට පුලුවන් ඒක ගැටලුවකට පිලිතුරක් සපයන ආකාරයට වැඩිදියුණු කරන්න. එවිට ඔයාගෙ භාණ්ඩය හෝ සේවාව ආවේණික හා ආකර්ෂණීය නිසා වෙලදපල හිගයක් ඇති වෙනවා. ඒ වගේම එය ගුණාත්මක නිසා එහි ඉල්ලුමද වැඩි වෙනවා.

අපි කලින් උදාහරණයම ගමු. විසිතුරු භාණ්ඩ හදන කෙනෙක් නම් , එහෙමත් නැත්නම් විසිතුරු භාණ්ඩ අලෙවි කරනවා නම් ඔයාට සිද්ධ වෙනවා ඇයි ඔයාගෙ භාණ්ඩය විශේෂ වෙන්නෙ කියන්න පුලුවන්. හිතන්න ඔයා විසිතුරු භාණ්ඩයක් විකුනණනවා එකට ඔයා යතුරු රදවන්න පහසුකමත් දීලා තියෙනවා කියලා. එතකොට භාණ්ඩය විශේෂිත වෙනවා වගේම. ගැටලුවකට විසදුමකුත් සපයනවා. එවිට විසිතුරු භාණ්ඩ අවශ්‍ය නොවූ නමුත් යතුරු රදවනයක් අවශ්‍ය වූ කෙනෙක් පවා ඔයාගෙ විසිතුරු භාණ්ඩ මිලදී ගන්නවා. එවිට වෙළදපල ඉල්ලුමද ඉහල යනවා. එතකොට ඔයාට පුලුවන් ඔයාට අනෙක් අයට සාපේක්ෂව සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නගන්න.🦸‍♂️

මේ ලිපිය තවත් දීර්ඝ වෙනනිසා අපි මෙතනින් නතර වෙනවා. ඔයාට ඔයාගෙ ව්‍යාපාර අදහස නිවැරදිව තහවුරු කරගැනීමට අපගේ සහය අව්‍යශනම් yes යන්න ටයිප් කරන්න. අපි ඔයාට සහය දෙන්නම්. ඔයා මේ ලිපි මාලාවට කැමති නම් පහලින් කමෙන්ටුවක් දාන්න. එතකොට අපිට පුලුවන් ඉතිරි ලිපි කිහිපයත් ඉක්මනින්ම පල කරන්න.

Facebook
WhatsApp
Twitter
LinkedIn
Pinterest
Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.