මේ දින වල ව්‍යාපාරයක් ආරම්භ කිරීම බොහෝ දෙනෙක්ගේ සිහිනක්. තමන්ගේම ව්‍යාපාරයක් තියලා ආදායමක් ඉපයීමට , නිදහස් ජීවිතයක් ගත කිරීම වගේ බලාපොරොත්තු හේතුවෙන් ව්‍යාපාරික ලෝකයට පිවිසෙන අය වැඩි වෙනවා. හැබැයි, ව්‍යාපාරයක් පටන් ගන්නකොට අභියෝග ද විශාල වශයෙන් පැමිණෙනවා .
මේ ලිපියෙන් ඔබට ව්‍යාපාරයක් පටන් ගැනීමේදී හමුවන ප්‍රධාන ගැටළු, එම ගැටළු වලින් ආරක්ෂාවෙන්න ක්‍රම, සහ මුල්‍ය වංචා වලින් බේරෙන්න උපදෙස් ලබාගන්න පුළුවන්.
මුලදී හමුවන ප්‍රධාන ගැටළු මොනවාද?
1.මුදල් සම්බන්ධ ගැටළු
ව්‍යාපාරයක් පටන් ගන්න මුදල් අවශ්‍ය වෙනවා. හැබැයි මුදල් හොඳින් පාලනය කරන්නේ නැත්තන් කෙටි කාලෙකින් අර්බුදයට පත්වෙන්න පුළුවන්. සමහර විට අත්‍යවශ්‍ය නැති වියදම් කරලා මුදල් ඉක්මනින් නැතිවෙනවා .
වැරදි සැලසුම් සහ දැනීමක් නැතිව ආරම්භ කිරීම, සහ
තරඟකරුවන් ගැන හොඳින් දන නොසිටම , වෙළඳපොළ අවශ්‍යතාවය පරීක්ෂා නොකිරීම, සහ පාරිභෝගිකයන් ගැන තොරතුරු නැතුව ව්‍යාපාරය පටන් ගන්න එක වැරදියි.
2.අයවැය හරියට සැලසුම් නොකිරීම
ආදායමත් වියදමත් හොඳින් සැලසුම් නැතිව ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බැහැ සෑම වියදමක්ම වාර්තා කරලා ඒකට ආදායම් කොටස් කරන්න අවශ්‍යයි.
3.මුල්‍ය වංචා සහ විශ්වාසය නැති කටයුතු
සමහරවිට ව්‍යාපාරික ලෝකයේ විශ්වාසදායකත්වයක් තියන්න නොහැකි අය සමඟ මුදල් කටයුතු කරනවා. මෙවැනි අවස්ථාවලදී මුදල් නැතිවෙන්න පුළුවන්.
වංචා වලින් ආරක්ෂා වීමට ඔබ කළ යුතු දේ මොනවද ඔබ දන්නවද ?
ගිණුම් පොත් හරියට පවත්වා ගන්න
ඔබේ ව්‍යාපාරයේ හැම ආදායමක් සහ වියදමක් දිනපතා සටහන් තබන්න. මෙය ඔබට ව්‍යාපාරයෙහි මුදල් පිළිබඳ පැහැදිලි දර්ශනයක් ලබා දෙයි.
මුදල් සම්බන්ධ වාර්තා පරීක්ෂා කරන්න
සතිපතා හෝ මාසික වශයෙන් ආදායම්/වියදම් වාර්තා පරීක්ෂා කරන්න. අසාමාන්‍ය ගැටළු තිබුණොත් එය හඳුනාගන්න පුළුවන්.
ඔබට විශ්වාසය තියෙන මනුෂ්‍යයන් සමඟම කටයුතු කරන්න
ව්‍යාපාරික හවුල්කරුවන්, සැපයුම්කරුවන්, සහ සේවකයන් තෝරාගැනීමේදී විශ්වාසය ඉතා වැදගත්.
ගිණුම් පද්ධතියක් (Accounting Software) භාවිතා කරන්න
QuickBooks, Wave, Zoho වගේ සරල software භාවිතා කිරීමෙන් ගිණුම් හරියට කළමනාකරණය කරන්න පුළුවන්.
මුල්‍ය ගැටළු විසඳන්න මෙන්න ක්‍රම
අවශ්‍ය නොවන වියදම් අඩු කරන්න
ඔබට ලාභයක් නැති සේවාවක් පවත්වාගෙන යනවා නම්, ඒවා අඩු කරන්න.
අලුත් ආදායම් මාර්ග හඳුනාගන්න
එකම ආදායම් මාර්ගයකට විශ්වාස නොකරන්න. Delivery, Online Sales, Subscription සේවාවන් වැනි අලුත් මාර්ග හඳුනාගන්න.
ගෙවීම් කාලපරිච්ඡේදයකින් කරන්න
අයවැය නිවැරදිව සැලසුම් කරලා ගෙවීම්වලට ප්‍රමුඛතාවය දෙන්න.
වෙළඳපොළ තත්වය නිරීක්ෂණය කරන්න
වෙළඳපොළ වෙනස්වෙන්නේ කොහොමද කියලා බලාගෙන ඒකට හැඩ ගැහෙන්න ව්‍යාපාරයක් සාර්ථක කරගන්න හොඳ ක්‍රමයක්.
ව්‍යාපාරයක් නිවැරදි සැලසුමක්, මුදල් කළමනාකරණය, සහ විශ්වාසදායක පිරිස් සමඟ කටයුතු කිරීමෙන් ඔබට ව්‍යාපාරය සාර්ථකව නඩත්තු කරන්න පුළුවන්. වංචා වලින්, විනාශකාරී වියදම් වලින්, සහ නිරුත්සහිත තීරණ වලින් ඔබව ආරක්ෂා කරන්න. ඒකයි දීර්ඝකාලීන ව්‍යාපාර සාර්ථකත්වයට මාර්ගය.