...
ව්‍යාපාර ලියාපදිංචි

ව්‍යාපාරයක් නිවැරදිව පටන් ගන්නේ කෙසේද ?

ව්‍යාපාරයක් ආරම්භ කරන විට, ඔබ විසින් මුලින්ම සලකා බලිය යුතු වැදගත්ම කරුණු කිහිපයක් තිබෙනවා.එලෙසම ව්‍යාපාර ඛාණ්ඩය තෝරා ගැනීමද ඉතාමත්ම වැදගත් ස්ථානයක් ගනී. ඔබේ ව්‍යාපාරය කුමන වර්ගයකට අයත්දැයි නිවැරදිව තීරණය කිරීම, නීතිමය වගකීම්, බදු ගෙවීම්, ව්‍යාපාර ලියාපදිංචිය සහ අනාගත ව්‍යාපාර සැලසුම් සදහා මූලික වේ.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදී ඔබට විකල්ප ලබා දී ඇති අතර ඒවා අතරින් ඔබේ ව්‍යාපාරයට වඩාත් සුදුසු ඛාණ්ඩය තෝරා ගැනීම අත්‍යවශ්‍ය වේ. පහතින් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ පොදු වශයෙන් හඳුනාගත් ව්‍යාපාර ඛාණ්ඩ සහ ඒවා පිළිබඳ විස්තර කිහිපයකි .

ඛාණ්ඩ

ව්‍යාපාර ඛාණ්ඩ මොනවාද?

  1. තනි පුද්ගල ව්‍යාපාරය (Sole Proprietorship)

මෙය වඩාත්ම පොදු සහ සරල ව්‍යාපාර ඛාණ්ඩයකි. මෙය එක් පුද්ගලයෙකු විසින් පමණක් හිමිකම් සහ කළමනාකරණය කරන ව්‍යාපාරයකි. ලියාපදිංචි කිරීම ඉතා සරල අතර බදු ගෙවීම්ද සෘජුවම හිමිකරුගේ නම යටතේ සිදු වේ.

විශේෂත්වය:

පහසු ආරම්භය
අඩු පිරිවැය
තනි වගකීම්

උදාහරණ:
කුඩා කඩයක්, කැෆේ
ඇඟළුම් අලෙවිසැලක්
තනි සේවාවන් (වෙඩින් ඩිකරේෂන්, සෙවිකාවන්)

  1. හවුල් ව්‍යාපාරය (Partnership)

පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් එකට එක්ව ව්‍යාපාරය ආරම්භ කරන අවස්ථාවේ මෙය භාවිතා වේ. ලාභ හා පාඩු සමග වගකීම්ද හවුල්කරුවන් අතර බෙදේ.

විශේෂත්වය:

වගකීම් බෙදා ගැනීම
මුදල් හා ආකල්ප එකතු වීම
හොඳ ආරම්භයක් සදහා සුදුසුයි

උදාහරණ:
ඉංජිනේරු හවුල් සමාගම්
වෛද්‍ය මධ්‍යස්ථාන
නීති සමාගම්

  1. සීමාසහිත ව්‍යාපාර සමාගම (Private Limited Company – (PVT) LTD)

මෙය නීතිමය ආරක්ෂාවක් සහිත ව්‍යාපාර ඛාණ්ඩයකි. මෙහිදී ව්‍යාපාරය හා හිමිකරු දෙදෙනා වෙන වෙනම නීතිමය පාර්ශවයන් ලෙස සැලකේ. සීමාසහිත ව්‍යාපාර සමාගමක හිමිකරුවන්ගේ වගකීම් ඔවුන් විසින් තබා ඇති කොටසට පමණක් සීමා වේ.

විශේෂත්වය:

නීතිමය ආරක්ෂාව
ව්‍යාපාර වර්ධනය සඳහා සුදුසු
වගකීම් සීමා වෙයි
උදාහරණ:
තාක්ෂණ සමාගමක්
සන්නිවේදන ආයතනයක්
නිෂ්පාදන සමාගමක්

  1. පොදු සමාගම (Public Limited Company)

මෙම ව්‍යාපාර ඛාණ්ඩය විශාල ව්‍යාපාර සඳහා සුදුසුය. මෙවැනි සමාගම් , කොටස් වෙළඳපොලට ඇතුළත් විය හැකි අතර ජනතාවට කොටස් මිලදී ගැනීමට හැකියාව තිබේ.

විශේෂත්වය:

විශාල අරමුදල් ලබා ගැනීමේ හැකියාව
පොදු කොටස් හිමිකම්
නීතිමය පාලනය දැඩි විය හැක
උදාහරණ:
කොටස් වෙළඳපොලට ලැයිස්තුගත වූ විශාල සමාගම් (උදා: Commercial Bank, Hayleys)

  1. සංවිධානයක් නොවන ව්‍යාපාරය (Unregistered Business)

ලිපියකට නොමැතිව හෝ නීතිමය ලියාපදිංචියක් නැතිව ක්‍රියාත්මක ව්‍යාපාරයන් මෙයට අයත් වේ. මෙවැනි ව්‍යාපාර නීතිමය ආරක්ෂාවක් නොමැති අතර බදු ගෙවීමෙන් වැළැක්වෙයි.

අවාසි:

නීතිමය ආරක්ෂාවක් නොමැත.
විශාල ව්‍යාපාර වර්ධනයකට බාදක ඇති කරයි.
බැංකු ණය ලබා ගැනීම අපහසුය.

ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්නේ කෙසේද?
ඔබේ ව්‍යාපාරය කුඩාම ව්‍යාපාරයක් වුවත්, තාක්ෂණික නිෂ්පාදන ව්‍යාපාරයක් වුවත්, ශ්‍රී ලංකා ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (Department of Registrar of Companies) හරහා නිවැරදිව ලියාපදිංචි කර ගැනීම අනිවාර්යය වේ.

ලියාපදිංචිය සදහා ඔබ තෝරාගත් ව්‍යාපාර ඛාණ්ඩය අනුව වෙනස් ලියපදිංචි ක්‍රියාමාර්ග පවතියි. ඒ සඳහා පහත කරුණු සලකා බැලිය යුතුය. :

ව්‍යාපාරයේ නම තෝරා ගැනීම

ව්‍යාපාරය කුමන ඛාණ්ඩයක් යන්න තීරණය කිරීමට
සමාගමක් හෝ අධ්‍යක්ෂක මණ්ඩලයක් නීතිමය ලියකියවිලි සකස් කල යුතුය.
ලියාපදිංචි ගාස්තු ගෙවීම කල යුතුය.

ව්‍යාපාර ඛාණ්ඩය නිවැරදිව තෝරා ගැනීම ඔබේ ව්‍යාපාරයේ අනාගතය සඳහා මූලික පදනමක් වේ. සරලව ආරම්භ කළ හැකි ව්‍යාපාරයක් වුවත්, එය නීතිමය හා ආර්ථික වශයෙන් ආරක්ෂිතව පවත්වාගෙන යෑමට ඔබට ව්‍යාපාර ලියාපදිංචිය සහ නිවැරදි ව්‍යාපාර ඛාණ්ඩයක් තේරීම අත්‍යවශ්‍ය වේ.

Facebook
WhatsApp
Twitter
LinkedIn
Pinterest
Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.